Monday, August 5, 2019

ඔබ සතුටින් ද...?

කොහොමද ඔයාලට...? මේ ප්‍රශ්නෙ දවසට එකම කෙනෙක් හරි අපෙන් අහනව, ඒ ගොඩක් වෙලාවට අපි කියන්නෙ අපි හොඳින් ඉන්නව කියල.. ඇත්තටම එහෙමද අපි හොඳින්ද ඉන්නේ.? හොඳින් ඉන්නව කියන්නේ මොකක්ද..?

අපි බලමු...?


සතුට යනු අමුතුම ව්‍යාකූල සංකල්පයක්. ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබුනාම, අපි බලාපොරොත්තු නොවෙන ඒත්, ජීවීතේට අවශ්‍ය වටින දෙයක් අපිට ලැබුනාම අපේ හිතේ ඇතිවෙන අමුතු තෘපිතිමත් හෑගීමක් තමා සතුට කියන්නෙ.....  ඒත් ඔය කියන සතුට ඇත්තටම අපි ලග තියෙනවද....?
ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් අපි හිතින් වමාගෙන තියෙන්නෙ, ඇත්තටම ඒ දෙවල් අපිට අවශ්‍ය නිසාම නෙවෙයි, තව කෙනෙක් ඒ දෙයින් සතුටු වෙනව දැක්කාම අපි හිතනව මේ දේ මාත් ගත්තනම් මටත් එයා වගේ සතුටින් ඉන්න පුලුවන් කියල. ඇත්තටම අපි ගොඩක් වෙලාවට කරන්නෙ සතුටින් ඉන්න අය පස්සේ එළවන එක, හැබැයි නැවතිල තමන් ඇත්තටම කව්ද..? සතුටින් ඉන්නනම්  අපිට මොනවද ඕනි කියල හිතල බැලුවනම් අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා..

අපි හැමෝම එක වගේ නෙවෙයි, අපි ජීවිතේ ගැන මොනව කිව්වත් තව කෙනෙක්ට ඒක විහිළුවක් වෙන්න පුලුවන්, ඒත් අපි කවුරුවත් සතුටු නොකර අපේ සතුට තේරුම් අරන් ජීවත් වෙමු. එතකොට ඇත්තම සතුට කියන්නෙ මොකක්ද කියල අපිට දැනෙයි.. 

Image result for happy family

No comments:

Post a Comment